Wednesday, December 13, 2017

මෙත්තා ගෙවත්ත 2017

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය විසින් මඟ පෙන්වනු ලැබූ  ''මෙත්තා ගෙවත්ත 2017''  වැඩසටහන නොවැම්බර් මස 29 වන දින බන්ඩාරගම සර්වෝදය උසස් අධය්‍යාපන ආයතනයේදී පැවැත්ව්ණි.මෙහිදී MAS සමූහ ව‍ය්‍යාපාරයේ සේවා නියුක්තිකයන් පිරිසක්, සර්වෝදය උසස් අධය්‍යාපන ආයතනයේ කාර්ය මන්ඩලයේ කිහිප දෙනෙකු, කැළණිය විශ්වව්ද‍ය්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු ECO-V සාමජිකයන්ද මෙම කර්යයට  ශ්‍රම දායකත්වය සපයන ලදී. ECO-V සභාපතිනි කාන්චනා වීරකෝන් මහත්ම්යගේ මඟපෙන්වීම මත සර්වෝදය කාර්ය මන්ඩල උදේශ් ෆ්‍රනෑන්ඩු හා නවොදා බන්ඩාර වැඩසටහන කලමනකරනය කරන ලදී. වර්ෂාවෙන් මඳක් බාධා වුවත් පරිසරයට ආදරය කරන අප සැම එය ආශිර්වාදයක් කර ගත්තෙමු.

ආධය්‍යාත්මික සුවතාවය සඳහා ප්‍රථමයෙන්ම  කන්චනා මහත්මිය පරිසරය අනුසාරයෙන් මනස සුවපත් කරගන්නේ කෙසේ ද යන්න භාවනාත්මකව ප්‍රායෝගික වශයෙන් පැම්ණ් සිටි පිරිසට අනුහුරුවක් ලබාදෙන ලදී.බොල්ගොඩ ගඟ අසබඩ රමනීය පරිසරයක පිහිටි දේශන ශාලාව ඒ සදහා කදිම තෝතෑන්නක් විය.අප ශාරීරීකව මෙන්ම මානසිකව සැහැල්ලු වෙමින් දෙනෙත් පියාගෙන අවට පරිසරයේ කුරුල්ලන්ගේ හඬ, සුළං හඬ, වැහි බ්ංදු වැටෙන හඬට සවන් යොමු කලෙමු.මෙලෙස විනාඩි කීපයක් භාවනානුයෝගීව සිටි අපට දෑනුනේ මින් පෙර නොවිදි මානසික සැහැල්ලුවකි.ඒ සඳහා ඉවහල් වුයේ අප අවට පරිසරය හා එහි ජීවත් වන ශාක හා සතුන්ය.




කාන්චනා මහත්මිය MAS සමූහ ව්‍යාපාරයේ සේවා නියුක්තිකයන්ගේ කාර්යබහුල ජීවන රටාවෙන් ඔබ්බට ගොස් ඔවුන් පරිසරය විඳිය යුත්තේ කෙසේද යන්න කුඩා දේශනයක් මගින් පැහැදිළි කළාය. එමෙන්ම අපි ඔවුන්ගේ එදින දායකත්වය බෙහෙවින් අගයකොට සළකමු. 



අනතුරුව අප යෝජිත මෙත්තා ගෙවත්ත හෙවත් කබනික ගෙවත්තට අවශ්‍ය භූම්ය සකස් කර කොම්පොස්ට් පොහොර කොටුවක් සකස්  කලෙමු. පොහෙර සඳහා අවශ්‍ය ගොම,කොළ,රොඩු ගෙවත්තෙන්ම සපයා ගත්තෙමු. එයින් ගෙවත්තද පිරිසිදු විය.  



ඒ සමඟම තරුවක හෑඩය ගත් එළවළු පාත්තියක් සකස් කලෙමු. ස්වාභාවධර්මයේ හැඩතල එක් කිර්‍රමට අප මෙහිදී තරැවක හැඩය ගත්තෙමු.අවසානයේ චෙරි පෑලයක් සිටුවා එදින වැඩසටහන නිමා කලෙමු.






මෙහි දී කන්ඩායම් කීපයක් එක්ව සමුහිකව වැඩ කිරීම තුලින් අනෙකාගේ ශ්‍රමයට ගරු කිරීමට අප ඉගෙන ගත්තෙමු.

සවස තේ පැන් සංග්‍රහය

කාබනික ගෙවත්තක මූලාරම්භය සනිටුහන් කිරීම තුලින් වස  විෂ නැති ආහාර රටාවක වටිනාකම අවබෝධ කර ගත්තෙමු. මිනිසා මෙන්ම සෑම ගසක්ම පරිසරයට වැදගත් බව අවබෝධ වූයේ කාංචනා මහත්මියගේ දැනුවත් කිර්‍රම නිසාය. ගත මෙන්ම සිත ද සුවපත් වූ මෙම වැඩසටහනේ මූලික ඵලය වූයේ පරිසරය අප සුවපත් කරන්නේය යන්නයි.


සකසන ලද තාරකා හැඩැති එළවළු පාත්තිය ඉදිරිපිට සහභාගී වූ පිරිසෙන් කොටසක්


සැකසුම : වාසනා මහේෂිකා









Thursday, November 2, 2017

Eco V අපි කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව


Eco V අපි  කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව

පසුගිය මාස කිහිපය පුරාවට දකුණු පළාතට අයත් මොරවක, පිටබැද්දර අවට ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අපට අවස්ථාව උදාවිය. නිසි කසල කළමනාකරණයක් සහිත තිරසර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහනට මුලිකත්වය දුන් රන්ජන් අබේවික්‍රම මහතාගේ ආරාධනයක් මත අප මෙම වැඩසටහනට සහභගී විය. Shrawani Estate හි හිමිකරු වන අබේවික්‍රම මහතා මොරවක ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ දැඩි උනනිදුවකින් කටයුතු කරන අයෙකි. 

මොරවක හා පිටබැද්දර යනු දකුණු පළාතේ පිහිටි ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත කුඩා නගර දෙකකි. සොබා සෞන්දර්‍යයෙන් අනූන මෙම ප්‍රදේශයට නිලාවැලි ගං කොමළිය තවත් එක් ආභරණයකි. නමුත් ජනතාවගේ අක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රියාපිළිවෙත නිසා නගරය මෙන්ම නිල්වලා ගඟ අපවිත්‍ර වී තිබේ. මෙම වසරේ මැයි මස ගං වතුර උවදුරට මෙම ප්‍රදේශ ද මුහුණ දුන් අතර ගගට කසල බැහැර කිරීම එහිලා එක් හේතුවකි.

පළමු වැඩසටහන

වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන Nilwala River Breeze හෝටලයේදී 03.08.2017 පැවැත් විය. පිටබැද්දර ප්‍රදේශීය සභාවේ සහය ඇතිව රන්ජන් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.මොරවක වෙළඳ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පිටබැද්දර පොලීසිය, පළාත් සභාව, පාසල් හා පෙර පාසල් නියෝජනය කරමින් මෙන්ම සෞඛ‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ද විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභගී විය. මෙම නිලධාරීන්ගේ අදහස් ද ඇතිව ප්‍රදේශයේ ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදීමට අපට හැකි විය.මෙහි වැදගත්කම වන්නේ බිම් මට්ටම නියෝජනය කරන හා බිම් මට්ටම සමඟ නිතර ගැටෙන ජනකොටසක් සහභාගීවිමයි. මෙම වැඩසටහනේ අරමුණ කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම වුවද පරිසරය හා මිනිසා අතර වූ සමීප සම්බන්ඳය බිදවැටීම මෙම සියලු පාරිසරික ගැටළුවලට හේතු වී ඇති බව ඔවුන්ට අවබෝධ කර දීමට ද අපට හැකි විය.වැඩසටහන අවසානයේ ලද ප්‍රතිචාරවලින් පැහැදිලි වුයේ අපගේ දේශනය ඔවුන්ට නව මානයකින් සිතන්නට මග විවරකරදුන් බවයි.




කසල වර්ගීකරණය පිළිබඳ දැනුම ලබා දෙමින්



සාරි බෑග්

Eco Brick

වීඩ්යෝ දර්ශන නරඹමින්

රන්ජන් මහතා ඉදිරි සැලසුම් පිළිබඳ කතා කරමින්
ජනතාව සිය අදහස් දක්වමින්
වගකීම් ඉටු කිරීමට අමතරව ඉඩලද සෑම අවස්ථාවකම පරිසරය විදීමට ද අපට අවස්ථාව උදා විය. රන්ජන් මහතා විසින් පවත්වාගෙන යනු ලබන කාබනික තේ වගාව පිළිබඳ අත්දැකීම් ඔහු අප හා මෙසේ බෙදා ගනු ලැබීය.





දෙවන වැඩසටහන

පිටබැද්දර ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහ 22.08.2017දින පැවැත් විය. කසල කළමනාකරණයට අමතරව අවබෝධයෙන් පරිභෝජනය කිරීමෙන් කසළ අවම කරගත හැකි ආකරයත් අවබෝධාත්මක පරිබෝජනයෙන් නීරෝගී ජිවිතයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවත් මෙහිදී දැනුවත් කරන ලදී. 160 කට අධික නිලධාරීන් ප්‍රමාණයක් සහභගී වීමෙන් වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය පෙන්වයි.







තුන්වන වැඩසටහන

22 දිනම සවස තවත් වැඩසටහනක් රන්ජන් මහතා විසින් සංවිධානය කර තිබූ අතර මොරවක ප්‍රදේශීය සභාවේ ජනතාව සහ පළමු වැඩසටහනට සහභාගී නොවු නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී විය.





මීට පෙර පැවති වැඩසටහනේ දැනුම භාවිත කරමින් පිටබැද්දර ප්‍රදේශීය සභාවේ නිලධාරීන් සකස් කිරීමේ මූලික පියවර තබා තිබූ ආකාරය

අපගේ වැඩසටහනින් පසු කසල වර්ගීකරණය හා ප්‍රජාව දැනුවත් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව කතිකාවතක් සහභාගී වු නිලධාරීන් අතර ඇති විමෙන් වැඩසටහනේ ප්‍රගතිය පෙන්නුම් කළේය.




සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර


Thursday, August 3, 2017

තනි පුද්ගල මට්ටමෙන් කසළ කළමනාකරණය සඳහා ඔබත් 10 R සංකල්පයට හුරුවන්න

සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර

ජුනි මාසයේ හරිත ක්‍රියකරකම්



ස්ප්‍රින්ග් ෆිල්ඩ් ජාත්‍යන්තර පාසල

ස්ප්‍රින්ග් ෆිල්ඩ් ජාත්‍යන්තර පාසලෙන් ECO-V ආයතනයට කරන ලද ආරාධනවක් මත නිකසල ජීවිතයක් උදෙසා 10R සංකල්පය පිලිබඳ උදැසන රස්වීමේ දී දේශනයක් පවත්වන ලදී. ගුරු සිසු දෙපාර්ශවයම මහත් උද්යෝගයකින් සහභාගී වූ අතර කසළ කලමනාකරණය පිළිබඳ කුඩා දරුවන්ගේ උනන්දුව කදිමට විදහා දක්වන වැඩසටහනක් විය.





Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනය 2017, කොළඹ හා මහනුවර


BMICH පරිශ්‍රයේ දී හා Kandy City Center පරිශ්‍රයේ දී පවත්වන ලද Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වීමට ECO-V කණ්ඩායමට ද අවස්ථාව ලැබුනු අතර එහිදි ECO-V අප හට ලැබුණු ප්‍රතිචාර ද අතිමහත්ය. අවබෝදාත්මක පාරිභෝජනය , තිරසර කසළ කළමනාකරණය හා පරිසරය සමඟ ජීවත් වන ආකාරය පිළිබඳව ජනතාව සමඟ දැනුම හා අත් දැකීම් බෙදා හදා ගැනීමට අපට හැකි විය. ප්‍රදේශ දෙකක පවත්වන ලද මෙම ප්‍රදර්ශනයේ දී පැහැදිලිව දැකගත හැකි ලක්ෂණයක් වුයේ තරුණ පරපුරේ ඇති උනන්දුව ප්‍රදේශය අනුව වෙනස් වීමයි. BMICH පරිශ්‍රයේ දී ජනතාව දැඩි උනන්දුවකින් දැනුම බෙදාගන්නා ලදී.


Sarangi - A Volunteer from Matara






MAS Athena - තුල්හිරිය

වසර ගණනාවක් පුරාවට MAS හෝල්ඩින්ග්ස් සමඟ සමීපව වැඩකරන අපට මෙම වසරේ දී ද තවත් දැනුවත් කිරීමේ වැඩසටහනකට අවස්ථාව උදාවිය. පාසල් 30 ක් නියෝජනය කරමින් ළමුන් 120 ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වූ අතර ලෝක පරසර දිනය අලලා මෙය සංවිධානය කරන ලද්දේ MAS Athena ආයතනයේ Eco Go Beyond කණ්ඩායම  විසිනි.











Prym Intimates - බියගම

MAS හෝල්ඩින්ග්ස්  අනුබද්දිත තවත් ආයතනයක් වන  Prym Intimates ආයතනය විසින් ඔවුන්ගේ හරිත දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුවේ දී කසළ කළමනාකරණය හා කසළවල ඇති පාරිසරික බලපෑම යන මතෘකාව යටතේ පැයක පමණ දේශනයක් පවත්වන ලදී. 





සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර