Sunday, December 23, 2018

සිංහරාජයට පරිසර චාරිකාවක්


ධනුෂ්ක මධුරංග; ඔහු පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය හරහා බිහිවුණු, අද වනතුරුම ක්‍රියාකාරී සේවයේ නියුතු අපගේ පැරණිතම සාමාජිකයෙක්. හරිත නායකයෙක්. දරුවන් දහස් ගණනකගේ නෙත් පාදන ගණිත ගුරුවරයෙකු වන මොහු ගණිතය විශය මාලාවට අමතරව පරිසරයේ රුව ගුණ පිළිබඳව, ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳව එදිනෙදා ජීවිතයේදී පරිසරය සමඟ සම්බන්ධව කටයුතු කරන ආකාරය එනම් පරිසර හිතකාමී දිවි පෙවත පිළිබඳව ද නිරන්තරයෙන්ම දැනුම ලබාදෙන හරිත මගපෙන්වන්නෙක්. ඉතින් ඔහු ඔහුගේ ඉගැන්වීම් කටයුතු සිදු කරන අධ්‍යාපන ආයතනයේ අනෙකුත් ගුරුවරුන්ගේද සහයෝගය ඇතිව සෑම වර්ශයකම පාහේ සංවිධානය කරන අධ්‍යාපනික චාරිකාව මෙවරත් යොදා ගත්තෙ සිංහරාජ අඩවියට. වාසනාවකට මෙන් මෙවර චාරිකාවට ECO-V සාමාජිකයින් ලෙස අපටත් ඒ සමඟ සම්බන්ධ වීමට හැකි වුණා.

රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක තුනෙහි හෙක්ටයාර 11 250 පුරා පැතිර පවතින 50% කටත් වඩා වැඩි ආවේණික ක්ෂීරපායින්, කෘමීන්, උරගයින් හා දුර්ලභ උභය ජීවීන් රැසකට නිවහනක් වූ සිංහ රජදහනක් යනුවෙන් අන්වර්ථ නාමයක් පටබැඳුනු මේ සිංහරාජ රක්ෂිතය ලෝක උරුමයක් ද වූ මනෝරම්‍ය වූ වන භූමියකි.

රක්වාන හරහා සිංහරාජයට ළඟා වූ මාර්ගය 


සිංහරාජ නිරීක්ෂණ චාරිකා මාර්ග කිහිපයක් ඔස්සේ යෙදී තිබෙන අතර ඉන් අප තෝරාගත්තේ මුලාවැල්ල ගමන් මගයි. මේ පරිසර චාරිකාව අතරතුර කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානය හා යෝධ නවඳ ගහ නිරීක්ෂණය කිරීමට සිසු සිසුවියන්ට හැකි විය. ජෛව විවිධත්වය අතින් සුවිශේෂ ස්ථානයක් හිමි සිංහරාජ අඩ්වියේ ආවේණික ශාක හා සත්ව විශේෂ මෙන්ම ආවේණික නොවන මින් පෙර හඳුනාගැනීමට නොහැකිවූ ශාක හා සතුන් රැසක්ද දැක හඳුනා ගැනීමට ද අවස්තාව උදා විය.

කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයේ යෙදෙන සිසුවියන් දෙදෙනෙක්

Dusky blue flycatcher (අඳුරු නිල් මැසිමාරා), Common tailorbird, Jungle prinia, Yellow-browed bulbul, Red-vented bulbul ආදී ආවේණික නොවන පක්ෂීන් මෙන්ම Sri Lanka Scimmitar babbler, Orange-billed babbler, Sri Lanka Jungle Fowl, Sri Lanka Blue magpie (කැහි බෙල්ලා), Red faced malkoha (වත රතු මල් කොහා) යන ආවේණික පක්ෂීන් ද හඳුනා ගැනීමට හැකි වීම මෙම කණ්ඩායමට නවමු අත්දැකීමක් විය.

ක්ෂීරපායින් අතරින් Giant squirrel, ලංකාවට ආවේණික වූ මෙන්ම වඩා තර්ජනයට ලක් වී ඇති Purple faced leaf monkey, ආවේණික කටුසු විශේෂයක් වූ Hump - nosed lizard (Lyriocephalus scutatus), Kangaroo lizard (Otocryptis wiegmanni) දැක හඳුනා ගැනීමට හැකිවීම මොවුනට අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත් විය.

Kangaroo lizard

මෙම පරිසර චාරිකාව අතරතුර සිසු සිසුවියන් වඩාත් උද්‍යෝගයෙන් සහභාගී වූ අංගය වූයේ සමනල් විශේෂ හඳුනා ගැනීමයි. සමනල් විවිධත්වය අතින් සුවුශේෂී ස්ථානයක් සිංහරාජ රක්ෂිතය විසින් හිමි කරගනී. මෙහිදී දිවයිනේ දෙවන විශාලතම සමනලයා වන Blue mormon මෙන්ම තෙවන විශාලතම සමනලයා වන Ceylon treenymph දැක ගත හැකිවීම සොඳුරු අත්දැකීමක් විය. මීට අමතරව Common sailor, Clipper, Glad eye bush brown සහ Common mormon ආදී සමනල් විශේෂ රැසක් දැක බලා ගැනීමට හැකි විය.

තුරු ලතාවන් අතුරින් ආවේණික විශේෂ පිළිබඳව අවබෝධයක් ලැබීමටද වඩා වටිනාකමක් සහිත නවඳ, බෙරලිය වැනි විශාල ශාකද, කටකලු බෝවිටියා, හවරි නුග වැනි දැනට රක්ෂිතයට තර්ජනයක් වී ඇති ආක්‍රමණශීලී ශාක විශේෂද වෙනිවැල්, වියැකෙයියා ආදී වැල් වර්ගද, විවිධ වර්ණයෙන් යුත් හතු විශේෂ මෙන්ම ලයිකන, පරපෝශී ශාක පිළිබඳවද වැදගත් කරුණු රාශියකින් තම දැනුම් කෙත අස්වද්දාලීමට මෙම පාසැල් දරු දැරියන්ට හැකි විය.

වියැකෙයියා

මෙම සියලුම නැවුම් දැනුම් සම්භාරයට අමතරව, මෙහි වෙසෙන ජීවීන්ට කිසිදු කරදරයක් සිදු නොවන අයුරින් පරිසරයට කිසිම අයුරකින් හානියක් නොවන ලෙසට පරිසර චාරිකාවක නියැලෙන්න ආකාරය මොවුන්ට ඒත්තු ගැන්වීමට අපට හැකි විය. එමෙන්ම ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මොහොතකට මිදී මෙවැනි මනරම් අත්දැකීමක් ලබාගත් මේ දරු දැරියන්ට චාරිකාව අවසානයේ වර්ෂාවකින් ආශිර්වාද කිරීමටද සොබාදහම් මාතාව නොපැකිළී ඉදිරිපත් වූයේ සැවොම ප්‍රීතියෙන් කුල්මත් කරවමිනි.



















වරුනි විසින් සමනලුන් පිළිබඳ මාර්ගෝපදේශ පරිශීලනය කරමින් සිසුවියන් දැනුවත් කරන අයුරු





අප ගමන්ගත් මුලාවැල්ල ගමන්මගෙහි ගමනාන්තය වූ කුඩා කඳු ගැටයක පිහිටි ගල් තලාවක් මත හිඳ අවට සිරි නරඹමින්

ධනුෂ්ක ඇතුළු සිසු සිසුවියන්ට හා කාර්යමණ්ඩලයට අමතරව චාරිකාව හා එක් වූ පිරිස (චාරිකාව අවසානයේ වර්ෂාවේම නැවත නිවෙස් බලා ගමන් ගැනීමට පෙර )

හඳුනාගැනීමේ පහසුව පිණිස විකීපීඩියා වෙබ් අඩවියෙන් උපුටාගත් ඉහත සඳහන් කල සත්ත්ව විශේෂයන්ගේ පින්තූර කිහිපයක් පහත දැක්වේ.

Dusky blue flycatcher
Common tailorbird
Jungle prinia
Yellow-browed bulbul

Red-vented bulbul
Sri Lanka Scimmitar babbler

Orange-billed babbler
Sri Lanka Jungle Fowl
Sri Lanka Blue magpie
Red faced malkoha
Purple faced leaf monkey
Ceylon treenymph
Blue mormon


















No comments:

Post a Comment