Sunday, December 23, 2018

සිංහරාජයට පරිසර චාරිකාවක්


ධනුෂ්ක මධුරංග; ඔහු පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය හරහා බිහිවුණු, අද වනතුරුම ක්‍රියාකාරී සේවයේ නියුතු අපගේ පැරණිතම සාමාජිකයෙක්. හරිත නායකයෙක්. දරුවන් දහස් ගණනකගේ නෙත් පාදන ගණිත ගුරුවරයෙකු වන මොහු ගණිතය විශය මාලාවට අමතරව පරිසරයේ රුව ගුණ පිළිබඳව, ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳව එදිනෙදා ජීවිතයේදී පරිසරය සමඟ සම්බන්ධව කටයුතු කරන ආකාරය එනම් පරිසර හිතකාමී දිවි පෙවත පිළිබඳව ද නිරන්තරයෙන්ම දැනුම ලබාදෙන හරිත මගපෙන්වන්නෙක්. ඉතින් ඔහු ඔහුගේ ඉගැන්වීම් කටයුතු සිදු කරන අධ්‍යාපන ආයතනයේ අනෙකුත් ගුරුවරුන්ගේද සහයෝගය ඇතිව සෑම වර්ශයකම පාහේ සංවිධානය කරන අධ්‍යාපනික චාරිකාව මෙවරත් යොදා ගත්තෙ සිංහරාජ අඩවියට. වාසනාවකට මෙන් මෙවර චාරිකාවට ECO-V සාමාජිකයින් ලෙස අපටත් ඒ සමඟ සම්බන්ධ වීමට හැකි වුණා.

රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක තුනෙහි හෙක්ටයාර 11 250 පුරා පැතිර පවතින 50% කටත් වඩා වැඩි ආවේණික ක්ෂීරපායින්, කෘමීන්, උරගයින් හා දුර්ලභ උභය ජීවීන් රැසකට නිවහනක් වූ සිංහ රජදහනක් යනුවෙන් අන්වර්ථ නාමයක් පටබැඳුනු මේ සිංහරාජ රක්ෂිතය ලෝක උරුමයක් ද වූ මනෝරම්‍ය වූ වන භූමියකි.

රක්වාන හරහා සිංහරාජයට ළඟා වූ මාර්ගය 


සිංහරාජ නිරීක්ෂණ චාරිකා මාර්ග කිහිපයක් ඔස්සේ යෙදී තිබෙන අතර ඉන් අප තෝරාගත්තේ මුලාවැල්ල ගමන් මගයි. මේ පරිසර චාරිකාව අතරතුර කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානය හා යෝධ නවඳ ගහ නිරීක්ෂණය කිරීමට සිසු සිසුවියන්ට හැකි විය. ජෛව විවිධත්වය අතින් සුවිශේෂ ස්ථානයක් හිමි සිංහරාජ අඩ්වියේ ආවේණික ශාක හා සත්ව විශේෂ මෙන්ම ආවේණික නොවන මින් පෙර හඳුනාගැනීමට නොහැකිවූ ශාක හා සතුන් රැසක්ද දැක හඳුනා ගැනීමට ද අවස්තාව උදා විය.

කුඩව සංරක්ෂණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණයේ යෙදෙන සිසුවියන් දෙදෙනෙක්

Dusky blue flycatcher (අඳුරු නිල් මැසිමාරා), Common tailorbird, Jungle prinia, Yellow-browed bulbul, Red-vented bulbul ආදී ආවේණික නොවන පක්ෂීන් මෙන්ම Sri Lanka Scimmitar babbler, Orange-billed babbler, Sri Lanka Jungle Fowl, Sri Lanka Blue magpie (කැහි බෙල්ලා), Red faced malkoha (වත රතු මල් කොහා) යන ආවේණික පක්ෂීන් ද හඳුනා ගැනීමට හැකි වීම මෙම කණ්ඩායමට නවමු අත්දැකීමක් විය.

ක්ෂීරපායින් අතරින් Giant squirrel, ලංකාවට ආවේණික වූ මෙන්ම වඩා තර්ජනයට ලක් වී ඇති Purple faced leaf monkey, ආවේණික කටුසු විශේෂයක් වූ Hump - nosed lizard (Lyriocephalus scutatus), Kangaroo lizard (Otocryptis wiegmanni) දැක හඳුනා ගැනීමට හැකිවීම මොවුනට අධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත් විය.

Kangaroo lizard

මෙම පරිසර චාරිකාව අතරතුර සිසු සිසුවියන් වඩාත් උද්‍යෝගයෙන් සහභාගී වූ අංගය වූයේ සමනල් විශේෂ හඳුනා ගැනීමයි. සමනල් විවිධත්වය අතින් සුවුශේෂී ස්ථානයක් සිංහරාජ රක්ෂිතය විසින් හිමි කරගනී. මෙහිදී දිවයිනේ දෙවන විශාලතම සමනලයා වන Blue mormon මෙන්ම තෙවන විශාලතම සමනලයා වන Ceylon treenymph දැක ගත හැකිවීම සොඳුරු අත්දැකීමක් විය. මීට අමතරව Common sailor, Clipper, Glad eye bush brown සහ Common mormon ආදී සමනල් විශේෂ රැසක් දැක බලා ගැනීමට හැකි විය.

තුරු ලතාවන් අතුරින් ආවේණික විශේෂ පිළිබඳව අවබෝධයක් ලැබීමටද වඩා වටිනාකමක් සහිත නවඳ, බෙරලිය වැනි විශාල ශාකද, කටකලු බෝවිටියා, හවරි නුග වැනි දැනට රක්ෂිතයට තර්ජනයක් වී ඇති ආක්‍රමණශීලී ශාක විශේෂද වෙනිවැල්, වියැකෙයියා ආදී වැල් වර්ගද, විවිධ වර්ණයෙන් යුත් හතු විශේෂ මෙන්ම ලයිකන, පරපෝශී ශාක පිළිබඳවද වැදගත් කරුණු රාශියකින් තම දැනුම් කෙත අස්වද්දාලීමට මෙම පාසැල් දරු දැරියන්ට හැකි විය.

වියැකෙයියා

මෙම සියලුම නැවුම් දැනුම් සම්භාරයට අමතරව, මෙහි වෙසෙන ජීවීන්ට කිසිදු කරදරයක් සිදු නොවන අයුරින් පරිසරයට කිසිම අයුරකින් හානියක් නොවන ලෙසට පරිසර චාරිකාවක නියැලෙන්න ආකාරය මොවුන්ට ඒත්තු ගැන්වීමට අපට හැකි විය. එමෙන්ම ඒකාකාරී අධ්‍යාපන රටාවෙන් මොහොතකට මිදී මෙවැනි මනරම් අත්දැකීමක් ලබාගත් මේ දරු දැරියන්ට චාරිකාව අවසානයේ වර්ෂාවකින් ආශිර්වාද කිරීමටද සොබාදහම් මාතාව නොපැකිළී ඉදිරිපත් වූයේ සැවොම ප්‍රීතියෙන් කුල්මත් කරවමිනි.



















වරුනි විසින් සමනලුන් පිළිබඳ මාර්ගෝපදේශ පරිශීලනය කරමින් සිසුවියන් දැනුවත් කරන අයුරු





අප ගමන්ගත් මුලාවැල්ල ගමන්මගෙහි ගමනාන්තය වූ කුඩා කඳු ගැටයක පිහිටි ගල් තලාවක් මත හිඳ අවට සිරි නරඹමින්

ධනුෂ්ක ඇතුළු සිසු සිසුවියන්ට හා කාර්යමණ්ඩලයට අමතරව චාරිකාව හා එක් වූ පිරිස (චාරිකාව අවසානයේ වර්ෂාවේම නැවත නිවෙස් බලා ගමන් ගැනීමට පෙර )

හඳුනාගැනීමේ පහසුව පිණිස විකීපීඩියා වෙබ් අඩවියෙන් උපුටාගත් ඉහත සඳහන් කල සත්ත්ව විශේෂයන්ගේ පින්තූර කිහිපයක් පහත දැක්වේ.

Dusky blue flycatcher
Common tailorbird
Jungle prinia
Yellow-browed bulbul

Red-vented bulbul
Sri Lanka Scimmitar babbler

Orange-billed babbler
Sri Lanka Jungle Fowl
Sri Lanka Blue magpie
Red faced malkoha
Purple faced leaf monkey
Ceylon treenymph
Blue mormon


















Tuesday, July 3, 2018

වන්නි යාත්‍රා 2018



පොසොන් මස දෙවන දිනය ECO-V සදහා විශේෂ දවසක් විය.මෙයට හේතුව නම් ECO-V ආයතනයේ  මාස ගණනක මහන්සිය මල් පල දරන දිනයක් වීමයි.එනම් වන්නි යාත්‍රා වැඩසටහන පටන් ගැනිමයි. වන්නි යාත්‍රා යනු හරිත නායකයින් බිහිකිරීමේ වැඩසටහනකි. මෙය ECO-V හි විශේෂ වැඩසටහනකි.
මේ සදහා ලංකාවේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන පරිදි සාමජකයින් 30 දෙනෙක් තෝරා ගන්නා ලදි.එම සාමාජිකයින් සමඟ රාත්‍රි 8.30ට කොළඹ දුම්රිය ස්ථානයෙන් යාපනය බලා පිටත් වන දුම්රියේන් කිලිනොච්චිය සඳහා පිටත් වන ලදි. මෙහිදි එකිනෙකාට ආගන්තුක ස්වභාවයක් තිබ්නි. එයට හේතුව නම් මෙම 30 දෙනා කලින් දැන හදුනා ගෙන නොතිබිමයි .දුම්රිය ගමනේදි එකිනෙකා දැන හදුනා ගන්නා ලදි. පසු දින හිමිදිරි උදෑසන 4.45ට පමණ කිලිනොච්චි දුම්රිය ස්ථානයෙන්  බැස නාවාතැන සඳහා පිටත් විය.

කිළිනොච්චියට ළඟා වූ දකුණින් පැමිණි කණ්ඩායම




වන්නි යාත්‍රා පළමු දිනය  මෙහිදි අප හට උතුරු ප්‍රදේශයේන් පැමිණි සාමාජිකයින් පලමු වරට හමුවිය. පළමුව ඔවුන් සමඟ අපට අදහස් ප්‍රකාශ කිරීම යම් තරමකට අභියොගයක් විය. නමුත් සෑම දෙනාගේම සහයෝගයෙන් එම අභියෝගය යම් තරමකට ජය ගන්නා ලදි. එදින පැරණි යාත්‍ර සඳහා සහභාගි වු නිව්ටන්,ධනුෂ්ක,ගයනි,චාපා යන අය විසින් නව සාමජිකයන් සඳහා කණ්ඩායම් හැඟිම් වර්ධනය කරගන්නා අකාරය පිළිබඳ විවිධ ක්‍රියාකාරකම් සිදු කරන ලදි. එසේම  සවස් වරුවේ පරිසර හිතකාම් ස්වේච්ඡා සංවිධානයේ සභාපතිනිය වන කාන්චනා මහත්මිය විසින් පරිසරය, කාළගුණ විපර්යාස සහ ඒවායේ බලපැම,කෙසේද අපි පරිසරයට ආදරය  කරන්නේ කෙසේද  පරිසරය වෙනුවෙන් අපිට කළ හැකි දේ. හරිත අත් සටහන හා කාබන් පාද සටහන පිළිබඳව හරවත් දේශණයක් සිදුකරන ලදි. ඊට පසු සමාජිකයන් සඳහා පාපැදි බෙදා දෙන ලදි.එදින සවස කැළණි නදී යාත්‍රා සදහා සභාගිවු සෙල්වම්ද අප සමඟ එකතු වී ඔහුගේ අත්දැකිමි අප සමඟ බෙදාගන්නා ලදි.

කාන්චනා මහත්මිය විසින් පැවැත්වූ ප්‍රථම දේශනය
වන්නි යාත්‍රාවේ දෙවන  දිනය උදාවිය.උදැසන ශාරිරික සුවතා සහ නව අත්දැකිමක් වන පරිසර භාවනාව සිදු කරන ලදි. මෙහිදි පරිසරයෙන් අපට ඇසෙන ශබ්ද,කුරුල්ලන්ගේ මිහිරි නාද,ලා හිරු කිරණේ ආශ්වාදය පරිසර භාවනාවෙන් අප හට ලැබිණි.ඊට පසු අපි ඉරණමඩු  දක්වා ගමන් කිරිම පටන් ගන්නා ලදි.අපි මෙහිදි කිලිනොච්ච් කච්චේරි භුමියේ රුක් රෝපණ වැඩසටහනක් සිදු කරන ලදි.පරිසරයට ආදරය කරන හරිත නායකයින් වශයෙන් රුක් රොපණයේ වැදගත් කම පහදා දෙන ලදි.ඊට පසු ඉරණමඩු  ජාලාශය දක්වා පාපැදි වලින් ගමන් කරන ලදි. ඉරණමඩු  ජාලශය අක්කර106,500 ක්  පමණ භූමි ප්‍රදේශයක විහිදී ඇත.මෙමගින් විශාල වෙල් යායවල් ප්‍රමාණයක් ස්වයංපෝෂිත කරනු ලැබේ.එසේම  ජලාශය අවට  මිනිසුන් විසිනි දමා යන ලද  පොලිතීන්,ප්ලාස්ට්ක් විශාල ප්‍රමාණයක්  අප යාත්‍රිකයින් විසින් එකතු කර වෙනම වෙන් කර අවට පරිසරය පිරිසිදු කරන ලදි.

ශරීර සුවතාවට පෙර පරිසර භාවනාව
ඉරණමඩු ජලාශයේ බැම්ම මත
ඉරණමඩු ජලාශය අසළ පිරිසිදු කිරීම්

කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. අරුමයිනායගම් මහතා සහ සත්‍යසීලන් මහතා යාත්‍රිකයින් සමග
ඊට පසු දවල් ආහාරය සදහා කිලිනොච්චි ආරක්ෂක මූලස්ථානය  සදහා පිටත් විය. එම ස්ථානය ගස් කොලින් පිරැණු වැව් ඉස්මත්තක පිහිටා ඇත.එම ස්ථානයේදී කන්චනා මහත්මිය ඒම පරිසරය පිලිබඳව හරවත් දේශනයක් පවත්වන ලදි එසේම පරිසරයේ සුන්දරත්වය විදින ආකාරය පිළිබදව පහදා දෙන ලදි, එහිදී කොර කහ(ironwood / Memecylon umbellatum) ශාකය පිළිබඳව හරවත් පැහැදිලි කිරීමක් සිදු කරන ලදි.දවල් ආහාරයෙන් පසු  අවට පරිසරයේ සිරි නරඹමින් සිට නැවත නාවාතැන දක්වා ගමන ආරම්භ කලෙමු.

කාන්චනා මහත්මියගෙන් කොර කහ ශාකය පිළිබඳව යාත්‍රිකයින්ට දැනුමට යමක් 



වන්නි යාත්‍රාවේ තුන් වන දිනය. මෙදින අපට විශේෂ දිනයක් විය එනම්, ලෝක පරිසර දිනය මෙදිනට යෙදී තිබීමයි .එසේම අප නවාතැන්ගෙන සිටි .St.Teresa Churchහි රුක් රෝපණ වැඩසටහනක් කරන ලදි.ඊට පසු අප කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේ  පරිසර දිනය වෙනුවෙන් දියත් කරන ලද වැඩසටහනට නිව්ටන් මහතා විසින් අවබෝධාත්මක මහතා පිළිබදව හරවත් දේශනයක් ඉදිරිපත් කරන ලදි.ඊට පසු පාසල් ළමුන් සමග කිලිනොච්චි නගරයේ ජනතාව  දැනුවත් කිරිම සඳහා  පෙලපාලියක් පවත්වන ලදි.ඊට පසු විශ්වමඩු සඳහා පිටත් විය.මෙහිදි අප හට දවල් ආහාරය ලබා දේන ලද්දේ හමුදාව විසිනි.මෙදින අපට රැය පහන් කිරිමට සිදු වුයේ විශ්වමඩු පාසලකය. එය අප හට අලුත් අත්දැකිමක් විය.

කිළිනොච්චිය ජාතික පාසලේ පරිසර දින වැඩසටහන

යාත්‍රිකයින් විසින් දැනුවත් කිරීමෙන් පසු අත් පත්‍රිකා බෙදා හරිමින් 

ධර්මපුරම් නගරයේ පැළ සිටවූ අයුරු 

යාත්‍රිකයින්ට අති මහත් සහයෝගයක් දැක්වූ ක(ර්)නල් ශාන්ත කහගල්ල මහතා 

මග දෙපස දැනුවත් කිරීම්
වන්නි යාත්‍රාවේ හතර වන දිනය, මෙදින අප හට ගමන් කිරිමට තිබුනේ විශ්වමඩු  සිට පුදුකුඩුඉරිප්පු සඳහා.මෙදිනත් සුපුරුදු පරිදි ශාරිරික සුවතා සිදු කර පුදුකුඩුඉරිප්පු සඳහා පිටත් විය. යාත්‍රිකයන්ගේ පලමු තොතැන්නවුයේ තෙරාවිල් නම් වැව.මෙහිදි අපහට පක්ෂින් විශාල ප්‍රමාණයක් දැක ගත හැකි විය, වරැණි මහත්මිය මේ සඳහා අපහට සහයෝගය ලබා දෙන ලදි.ඊට පසු පුදුකුඩුඉරිප්පු මාර්ගයේ ගමන් කරන ගමන් අතරතුර  උඩයාර්කට්ටු ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සිදු කරන ලදි





මග දෙපස දැනුවත් කිරීම්

වන්නි යාත්‍රාවේ පස් වන දිනය.මෙදින අපගේ ගමන් මාර්ගය වූයේ පුදුකුඩුඉරිප්පු සිට මුලතිව් නගර්ය දක්වාය.මෙදින මුලතිව් ප්‍රාදේශීය  ලේඛම් කාර්ය මණ්ඩලය දැනුවත් කිරිමේ වැඩසටහනක් සිදු කරන ලදි.එසේම මුලතිව් නගරයේ දී යාත්‍රිකයින් විසින් විදි නාට්‍යක් ඉදිරිපත් කරන ලදි.


මුලත්ව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ලෝක සාගර දිනයට සමගාමීව පැවැත් වූ වැඩසටහන 

එසේම ජනතතා දැනුවත් කිරීමක් සිදු කරන ලදි.එසේම සවස් වරුවේ නන්දිකාඩාල් කලපුවේ සත්ත්ව ජෛව විවිධත්වය සහ ශාක විවිධත්වය පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි එහෙදි .එහිදි විවිධ සතුන් සහ ශාක හදුනා ගන්නා ලදි. ඊට පසු එදින නවාතැන සඳහා පිටත් විය. එදින අප නවාතැන් ගන්නා ලද්දේ සුන්දර මඩවාලසිංහ වැව අද්දර ඉදිකරන ලද lake view park 

වන්නි යාත්‍රාවේ සයවන දිනය. එදින උදැසන වැව් තාවුල්ලේ සිට සුර්ය නමස්කාරය සිදුකරන ලදි. තවද ගස් සමඟ කතා කිරිම  යාත්‍රිකයින් සඳහා අවස්ථාව ලබා දෙන ලදි. එසේම කණ්ඩායම් හැඟිම වර්ධනය කරන ක්‍රියාකාරකම් සිදු කරන ලදි. එදින පක්ෂින් සහ සමනලුන් අධ්‍යනය කරන ලද අතර ගමන් මාර්ගය දෙපස පරිසරය හා ජෛව විවිධත්වය අධ්‍යනයක්ද මෙදින සිදු කරන ලදි.

ව(ර්)ලීස් මගින් සංගීතමය භාවනාව 


සූර්ය නමස්කාරය
මඩවාලසිංහ වැව් ඉස්මත්තේ යාත්‍රිකයින් 

ශාකයක් සමග සන්නිවේදනය
වන්නි යාත්‍රාවේ හත්වන දිනය මෙදින නඩන්ගනි සිට පුලෙයිම්කුලම් දක්වාය. මෙදින නව ශාක වර්ඟ හදුනා ගන්නා ලදී එසේම සන්නිවේදන හැකියාව වැඩිදියුණු කරන ක්‍රියාකරකම් සිදු කරන ලදි. එසේම පසුගිය දිනවල යාත්‍රවේ සිදු කරන ලද ක්‍රියකාරකම් කම් පිළිබඳව යාත්‍රිකයින් ගේ අදහස් විමසිමක් සිදු කරන ලදි.
වන්නි යාත්‍රාවේ  අටවන දිනය මෙදින අපගේ ගමන් මාර්ගය වූයේ පුලයිකුලම් සිට වවුනියා දක්වාය මෙහිදි යාත්‍රිකයින් වවුනියා බස් නැවතුම්පලේ සිට ජනතව දැනුවත් කිරිමේ වැඩසටහනක් සිදු කරන ලදි.කන්චනා මහත්මිය විසින් පරිසර පද්ධති සහ ආක්‍රමණශීලී ශාක පිළිබඳව දැනුවත් කරන ලදි.

මග දෙපස කණ්ඩායම් ක්‍රියාකාරකම් 


ගයනිගෙන් පුරාවිද්‍යාව පිළිබඳව දැනුමට යමක් 


අජිත් මහතාගේ අනගි මෙහෙවර වීඩියෝකරණයෙන් 
වන්නි යාත්‍රාවේ අවසන් දිනය එදින උදැසනම කන්චනා මහත්මිය විසින් සුර්ය නමස්කාරය සහ පරිසර භාවනාව සිදු කරන ලදි එසේම අවට පරිසරය පිලිබඳව දැනුවත් කිරිමක් සිදු කරන ලදි.
ඊට පසු වන්නි යත්‍රව පිළිබදව සහභාගිවු සාමාජිකයන්ගෙන් අදහස් විමසිමක් සහ ඉදිරියට සිදු කිරිමට බලාපොරොත්තු පිළිබදව අදහස් විමසිමක් සිදු කරන ලදි.මෙහිදි ඔවුන් ඉගෙනගත් දෙය එනම් පරිසරය සුරකින ආකරය පිලිබඳව සාමජය දැනුවත් කිරිම් සිදු කරන බව සඳහන් කරන ලදි. ඊට පසු දවල් ආහාරය ගෙන වන්නි යාත්‍රා වැඩසටහන නිමා විය. මෙහිදි සියලු දෙනා දුක් මුසු මුහුණින් නැවත් හමු වන තුරු සමුගන්නා ලදි. 

- ජයනි දන්දෙනිය -