Thursday, November 2, 2017

Eco V අපි කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව


Eco V අපි  කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව

පසුගිය මාස කිහිපය පුරාවට දකුණු පළාතට අයත් මොරවක, පිටබැද්දර අවට ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අපට අවස්ථාව උදාවිය. නිසි කසල කළමනාකරණයක් සහිත තිරසර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහනට මුලිකත්වය දුන් රන්ජන් අබේවික්‍රම මහතාගේ ආරාධනයක් මත අප මෙම වැඩසටහනට සහභගී විය. Shrawani Estate හි හිමිකරු වන අබේවික්‍රම මහතා මොරවක ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ දැඩි උනනිදුවකින් කටයුතු කරන අයෙකි. 

මොරවක හා පිටබැද්දර යනු දකුණු පළාතේ පිහිටි ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත කුඩා නගර දෙකකි. සොබා සෞන්දර්‍යයෙන් අනූන මෙම ප්‍රදේශයට නිලාවැලි ගං කොමළිය තවත් එක් ආභරණයකි. නමුත් ජනතාවගේ අක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රියාපිළිවෙත නිසා නගරය මෙන්ම නිල්වලා ගඟ අපවිත්‍ර වී තිබේ. මෙම වසරේ මැයි මස ගං වතුර උවදුරට මෙම ප්‍රදේශ ද මුහුණ දුන් අතර ගගට කසල බැහැර කිරීම එහිලා එක් හේතුවකි.

පළමු වැඩසටහන

වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන Nilwala River Breeze හෝටලයේදී 03.08.2017 පැවැත් විය. පිටබැද්දර ප්‍රදේශීය සභාවේ සහය ඇතිව රන්ජන් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.මොරවක වෙළඳ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පිටබැද්දර පොලීසිය, පළාත් සභාව, පාසල් හා පෙර පාසල් නියෝජනය කරමින් මෙන්ම සෞඛ‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ද විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභගී විය. මෙම නිලධාරීන්ගේ අදහස් ද ඇතිව ප්‍රදේශයේ ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදීමට අපට හැකි විය.මෙහි වැදගත්කම වන්නේ බිම් මට්ටම නියෝජනය කරන හා බිම් මට්ටම සමඟ නිතර ගැටෙන ජනකොටසක් සහභාගීවිමයි. මෙම වැඩසටහනේ අරමුණ කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම වුවද පරිසරය හා මිනිසා අතර වූ සමීප සම්බන්ඳය බිදවැටීම මෙම සියලු පාරිසරික ගැටළුවලට හේතු වී ඇති බව ඔවුන්ට අවබෝධ කර දීමට ද අපට හැකි විය.වැඩසටහන අවසානයේ ලද ප්‍රතිචාරවලින් පැහැදිලි වුයේ අපගේ දේශනය ඔවුන්ට නව මානයකින් සිතන්නට මග විවරකරදුන් බවයි.




කසල වර්ගීකරණය පිළිබඳ දැනුම ලබා දෙමින්



සාරි බෑග්

Eco Brick

වීඩ්යෝ දර්ශන නරඹමින්

රන්ජන් මහතා ඉදිරි සැලසුම් පිළිබඳ කතා කරමින්
ජනතාව සිය අදහස් දක්වමින්
වගකීම් ඉටු කිරීමට අමතරව ඉඩලද සෑම අවස්ථාවකම පරිසරය විදීමට ද අපට අවස්ථාව උදා විය. රන්ජන් මහතා විසින් පවත්වාගෙන යනු ලබන කාබනික තේ වගාව පිළිබඳ අත්දැකීම් ඔහු අප හා මෙසේ බෙදා ගනු ලැබීය.





දෙවන වැඩසටහන

පිටබැද්දර ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහ 22.08.2017දින පැවැත් විය. කසල කළමනාකරණයට අමතරව අවබෝධයෙන් පරිභෝජනය කිරීමෙන් කසළ අවම කරගත හැකි ආකරයත් අවබෝධාත්මක පරිබෝජනයෙන් නීරෝගී ජිවිතයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවත් මෙහිදී දැනුවත් කරන ලදී. 160 කට අධික නිලධාරීන් ප්‍රමාණයක් සහභගී වීමෙන් වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය පෙන්වයි.







තුන්වන වැඩසටහන

22 දිනම සවස තවත් වැඩසටහනක් රන්ජන් මහතා විසින් සංවිධානය කර තිබූ අතර මොරවක ප්‍රදේශීය සභාවේ ජනතාව සහ පළමු වැඩසටහනට සහභාගී නොවු නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී විය.





මීට පෙර පැවති වැඩසටහනේ දැනුම භාවිත කරමින් පිටබැද්දර ප්‍රදේශීය සභාවේ නිලධාරීන් සකස් කිරීමේ මූලික පියවර තබා තිබූ ආකාරය

අපගේ වැඩසටහනින් පසු කසල වර්ගීකරණය හා ප්‍රජාව දැනුවත් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව කතිකාවතක් සහභාගී වු නිලධාරීන් අතර ඇති විමෙන් වැඩසටහනේ ප්‍රගතිය පෙන්නුම් කළේය.




සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර


1 comment: