Tuesday, January 2, 2018

මිහිමඬලේ හිතැතියෝ - උඩවළව

ධනුෂ්ක කියන්නෙ ECO-V සමග වසර ගණනාවක සබඳතාවයක් තියන ECO-V හරහා බිහිවුණු හරිත නායකයෙක්. ඔහු ඔහුගේ ගම් පළාත වන රමණීය උඩවලව ප්‍රදේශයේ ඔහුගේ කණ්ඩායමත් සමග තරුණ හරිත කඳවුරක් සංවිධානය කිරීමට උත්සුක වූයේ මාස ගණනාවකට ඉහතදීයි. කෙසේ හෝ 2017 වසර අවසානයේ ඔහුගේ ඒ උත්සහය මල්පල ගන්වමින් හරිත නායකයින් බිහිකිරීමේ තරුණ පාරිසරික කඳවුරක් දෙසැම්බර් 24, 25 සහ 26 යන තෙදින තුළදී පැවැත්වීමට ඔහුට හැකි වුණා. මේ සඳහා මාතර, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, කොළඹ ආදී දිවයිනේ නන් දෙසින් ECO-V පැරණි සාමාජිකයින් මෙන්ම නව සාමාජිකයින් කිහිප දෙනෙක්ද සහභාගී වුණා.

ධනුෂ්ක තම දැනුම කණ්ඩායම සමග බෙදා ගනිමින්
තෙදින පුරාවටම විවිධ වූ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වල නියැලුනු  තරුණ පිරිසට උඩවලව ජාතික වනෝද්‍යානයේ  ක්ෂේත්‍ර චාරිකාවක් මෙන්ම උඩවලව ඇත් අතුරු සෙවණේ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක්ද ලැබීමට හැකි වුණා. වෙල් යාය, වන ලැහැබ අතරින් ඇළ දොළ පසු කරමින්, පරිසරයේ සියුම් තැන් විඳිමින් පැය කිහිපයක පාරිසරික චාරිකාවකට සහභාගී වීමට හැකි වීම සියල්ලෝගේම වඩාත් සිත් ගත් අවස්ථාවක් වුණා. 

ඇත් අතුරු සෙවණේ කටයුතු පිළිබඳව එහි නිලධාරියෙක් විසින් පිරිසට පැහැදිළි කරමින්

දේශාන්ත විසින් ඇත් අතුරු සෙවණේ කාර්ය මණ්ඩලයට ස්තූති කරමින්

උඩවල ජාතික වනෝද්‍යානය

විදුලි සැර වැදීම නිසා ඇත් අතුරු සෙවණේදී සැත්කමකට භාජනය වූ ඔහු යතාතත්වයට පත් වෙමින් සිටී

ගෙවී ගිය දිනය පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා සැඳෑ හමුව

දෙසැම්බර් 26 දින උදෑසන සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ ජනතාව සිහි කර පහනක් දල්වමින්


ඇළ දොළ පසු කරමින් ගිය පාරිසරික චාරිකාව
පාරිසරික චාරිකාවේදී හමු වූ සමනල් පාරාදීසය

මිහිමඬලේ හිතැතියෝ ඇත් අතුරු සෙවණේ නිලධාරියෙක් සමඟ
ධනුෂ්ක තම අදහස් දක්වමින්...

2007 සැප්තැම්බර් 19 දින ECO-V සමඟ සම්බන්ධ වන්නේ පැස්තුඩු මිතුරෙකු ලෙසිනි. ECO-V යනු මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදු වුන තැනක්. ආරම්භයේ දී එතරම් වැටහීමක් නොමැති වුවත් එක් එක් පුහුණු වැඩසටහන් වලට සහභාගි වීමෙන් පසුව ECO-V යන්න කුමක් ද එමඟින් සිදු වන්නේද යන්න පිලිබදව  හොඳ වැටහීමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. 2008 පවත්වනු ලැබූ මිහිමඬලේ හිතැතියෝ වැඩසටහන ඉන් මූලික තැනක් ගන්නවා. අප ජීවත් වන පරිසරය පිලිබදව වෙනස්ම විදියකින් බලන්න ආදරය කරන්න අවස්ථාව ලැබුණා. 2011 වසරේ පැවති කැළණි නදී යාත්‍රව එම උනන්දුව උවමනාව තවත් වැඩිවීමට හේතුවක් වුනා. බොහෝ දෙනෙක් අදුර ගන්නට තවත් නොයෙක් ආකාරයේ පරිසර සංවිධාන සමඟ එක් වී කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. මෙි සියලුම දේ මගින් මට දැනුන දෙය නම් පරිසරය වෙනුවෙන් ඇත්තටම වැඩක් සිදු වන්නේ නම් ඒ ECO-V මගින් පමණක් ම බවයි.කැළණි නදී යාත්‍රාවෙන් පසුව පාපැදි 2013,යාල් යාත්‍රා රුහුණු යාත්‍රා ආදියට සහභාගි වීමෙන් අත්දැකීම් රාශියක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ECO-V මගින් ලැබුණු පන්නරයෙන් වලව ECO-V බිහි වනවා. මෙි මගින් පැල සිටුවීමේ වැඩසටහන් එමෙන්ම වැදගත් ම කරුන වන්නේ උඩවලවේ ආරම්භ කරන ලද කාබනික වගා ආදර්ශ ගොවිපලයි.එහි කාබනික වගාව මෙන්ම විවිධ වූ පාරිසරික වැසටහන් පිලිබදව අවුරුදු 16 ත් 25 ත් අතර තරුණයන් 12 දෙනෙකු පමණ පුහුණු වීම් සිදු කරනවා. මෙහි වැඩ කටයුතු කරගෙන යාමේදී අභියෝග නැතුවාම නෙවෙයි. ඒ අතරින් බහුල වන්නේ වත්මන් තරුණ පරපුර ජංගම දුරකථන සඳහා අත්බැහි වීම හා මත්ද්‍රව්‍ය සඳහා අත්බැහි වී වීමයි. මෙිවා සමඟ කටයුතු කිරීම අපහසු වුවත් ECO-V යනු මෙි අභියෝග මතින් යන සොදුරු ගමනකි. 2018 වසරත් සාර්ථකව සියලුම කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ECO-V සියලුම දෙනාටම ශක්තිය ලැබේවා.

1 comment:

  1. ශ්‍රී ලංකාවේ අනාගතයට ඔබලා වැනි තරුණ තරුණියන් සම්පතක්....

    ReplyDelete