Thursday, November 2, 2017

Eco V අපි කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව


Eco V අපි  කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව

පසුගිය මාස කිහිපය පුරාවට දකුණු පළාතට අයත් මොරවක, පිටබැද්දර අවට ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අපට අවස්ථාව උදාවිය. නිසි කසල කළමනාකරණයක් සහිත තිරසර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහනට මුලිකත්වය දුන් රන්ජන් අබේවික්‍රම මහතාගේ ආරාධනයක් මත අප මෙම වැඩසටහනට සහභගී විය. Shrawani Estate හි හිමිකරු වන අබේවික්‍රම මහතා මොරවක ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ දැඩි උනනිදුවකින් කටයුතු කරන අයෙකි. 

මොරවක හා පිටබැද්දර යනු දකුණු පළාතේ පිහිටි ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත කුඩා නගර දෙකකි. සොබා සෞන්දර්‍යයෙන් අනූන මෙම ප්‍රදේශයට නිලාවැලි ගං කොමළිය තවත් එක් ආභරණයකි. නමුත් ජනතාවගේ අක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රියාපිළිවෙත නිසා නගරය මෙන්ම නිල්වලා ගඟ ද අපවිත්‍ර වී තිබේ. මෙම වසරේ මැයි මස ගං වතුර උවදුරට මෙම ප්‍රදේශ ද මුහුණ දුන් අතර ගගට කසල බැහැර කිරීම එහිලා එක් හේතුවකි.

පළමු වැඩසටහන

වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන Nilwala River Breeze හෝටලයේදී 03.08.2017 පැවැත් විය. පිටබැද්දර ප්‍රදේශීය සභාවේ සහය ඇතිව රන්ජන් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.මොරවක වෙළඳ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පිටබැද්දර පොලීසිය, පළාත් සභාව, පාසල් හා පෙර පාසල් නියෝජනය කරමින් මෙන්ම සෞඛ‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ද විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභගී විය. මෙම නිලධාරීන්ගේ අදහස් ද ඇතිව ප්‍රදේශයේ ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදීමට අපට හැකි විය.මෙහි වැදගත්කම වන්නේ බිම් මට්ටම නියෝජනය කරන හා බිම් මට්ටම සමඟ නිතර ගැටෙන ජනකොටසක් සහභාගීවිමයි. මෙම වැඩසටහනේ අරමුණ කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම වුවද පරිසරය හා මිනිසා අතර වූ සමීප සම්බන්ඳය බිදවැටීම මෙම සියලු පාරිසරික ගැටළුවලට හේතු වී ඇති බව ඔවුන්ට අවබෝධ කර දීමට ද අපට හැකි විය.වැඩසටහන අවසානයේ ලද ප්‍රතිචාරවලින් පැහැදිලි වුයේ අපගේ දේශනය ඔවුන්ට නව මානයකින් සිතන්නට මග විවරකරදුන් බවයි.




කසල වර්ගීකරණය පිළිබඳ දැනුම ලබා දෙමින්



සාරි බෑග්

Eco Brick

වීඩ්යෝ දර්ශන නරඹමින්

රන්ජන් මහතා ඉදිරි සැලසුම් පිළිබඳ කතා කරමින්
ජනතාව සිය අදහස් දක්වමින්
වගකීම් ඉටු කිරීමට අමතරව ඉඩලද සෑම අවස්ථාවකම පරිසරය විදීමට ද අපට අවස්ථාව උදා විය. රන්ජන් මහතා විසින් පවත්වාගෙන යනු ලබන කාබනික තේ වගාව පිළිබඳ අත්දැකීම් ඔහු අප හා මෙසේ බෙදා ගනු ලැබීය.





දෙවන වැඩසටහන

පිටබැද්දර ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන 22.08.2017දින පැවැත් විය. කසල කළමනාකරණයට අමතරව අවබෝධයෙන් පරිභෝජනය කිරීමෙන් කසළ අවම කරගත හැකි ආකරයත් අවබෝධාත්මක පරිබෝජනයෙන් නීරෝගී ජිවිතයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවත් මෙහිදී දැනුවත් කරන ලදී. 160 කට අධික නිලධාරීන් ප්‍රමාණයක් සහභගී වීමෙන් වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය පෙන්වයි.







තුන්වන වැඩසටහන

22 දිනම සවස තවත් වැඩසටහනක් රන්ජන් මහතා විසින් සංවිධානය කර තිබූ අතර මොරවක ප්‍රදේශීය සභාවේ ජනතාව සහ පළමු වැඩසටහනට සහභාගී නොවු නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී විය.





මීට පෙර පැවති වැඩසටහනේ දැනුම භාවිත කරමින් පිටබැද්දර ප්‍රදේශීය සභාවේ නිලධාරීන් සකස් කිරීමේ මූලික පියවර තබා තිබූ ආකාරය

අපගේ වැඩසටහනින් පසු කසල වර්ගීකරණය හා ප්‍රජාව දැනුවත් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව කතිකාවතක් සහභාගී වු නිලධාරීන් අතර ඇති විමෙන් වැඩසටහනේ ප්‍රගතිය පෙන්නුම් කළේය.




සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර


Thursday, August 3, 2017

තනි පුද්ගල මට්ටමෙන් කසළ කළමනාකරණය සඳහා ඔබත් 10 R සංකල්පයට හුරුවන්න

සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර

ජුනි මාසයේ හරිත ක්‍රියකරකම්



ස්ප්‍රින්ග් ෆිල්ඩ් ජාත්‍යන්තර පාසල

ස්ප්‍රින්ග් ෆිල්ඩ් ජාත්‍යන්තර පාසලෙන් ECO-V ආයතනයට කරන ලද ආරාධනවක් මත නිකසල ජීවිතයක් උදෙසා 10R සංකල්පය පිලිබඳ උදැසන රස්වීමේ දී දේශනයක් පවත්වන ලදී. ගුරු සිසු දෙපාර්ශවයම මහත් උද්යෝගයකින් සහභාගී වූ අතර කසළ කලමනාකරණය පිළිබඳ කුඩා දරුවන්ගේ උනන්දුව කදිමට විදහා දක්වන වැඩසටහනක් විය.





Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනය 2017, කොළඹ හා මහනුවර


BMICH පරිශ්‍රයේ දී හා Kandy City Center පරිශ්‍රයේ දී පවත්වන ලද Future Minds අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වීමට ECO-V කණ්ඩායමට ද අවස්ථාව ලැබුනු අතර එහිදි ECO-V අප හට ලැබුණු ප්‍රතිචාර ද අතිමහත්ය. අවබෝදාත්මක පාරිභෝජනය , තිරසර කසළ කළමනාකරණය හා පරිසරය සමඟ ජීවත් වන ආකාරය පිළිබඳව ජනතාව සමඟ දැනුම හා අත් දැකීම් බෙදා හදා ගැනීමට අපට හැකි විය. ප්‍රදේශ දෙකක පවත්වන ලද මෙම ප්‍රදර්ශනයේ දී පැහැදිලිව දැකගත හැකි ලක්ෂණයක් වුයේ තරුණ පරපුරේ ඇති උනන්දුව ප්‍රදේශය අනුව වෙනස් වීමයි. BMICH පරිශ්‍රයේ දී ජනතාව දැඩි උනන්දුවකින් දැනුම බෙදාගන්නා ලදී.


Sarangi - A Volunteer from Matara






MAS Athena - තුල්හිරිය

වසර ගණනාවක් පුරාවට MAS හෝල්ඩින්ග්ස් සමඟ සමීපව වැඩකරන අපට මෙම වසරේ දී ද තවත් දැනුවත් කිරීමේ වැඩසටහනකට අවස්ථාව උදාවිය. පාසල් 30 ක් නියෝජනය කරමින් ළමුන් 120 ක් පමණ මෙම වැඩසටහනට සහභාගී වූ අතර ලෝක පරසර දිනය අලලා මෙය සංවිධානය කරන ලද්දේ MAS Athena ආයතනයේ Eco Go Beyond කණ්ඩායම  විසිනි.











Prym Intimates - බියගම

MAS හෝල්ඩින්ග්ස්  අනුබද්දිත තවත් ආයතනයක් වන  Prym Intimates ආයතනය විසින් ඔවුන්ගේ හරිත දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුවේ දී කසළ කළමනාකරණය හා කසළවල ඇති පාරිසරික බලපෑම යන මතෘකාව යටතේ පැයක පමණ දේශනයක් පවත්වන ලදී. 





සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර


Tuesday, June 20, 2017

ජගත් පරිසර දිනය 2017

ජගත් පරිසර දිනය 2017 

ජගත් පරිසර දිනය සෑම වසරකම ජුනි මස පස් වන දිනට යෙදුනද පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය ලෙස අපි මිහිමව වෙනුවෙන් ඇගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන්නෙමු. නමුත් අප ලද ආරාධනාවකට අනුව පරිසර දිනය දා උදෑසන මාතලේ බලා පිටත් වූයේ මෙම දිනය වඩාත් අර්ථවත් ලෙස ගත කිරීමේ බලාපොරොත්තුවෙන්. මොකද ECO-V අපි හැමදාමත් කැමතියි හරිත චින්තනයක් ඇති පුද්ගලයින් සමාජයට වැඩි වැඩියෙන් බිහි කිරීමට. පෙ.ව. 9.00ට මාතලේ දිසාපති කාර්යාලයේදී ආරම්භ කරන ලද අවබෝධාත්මක පරිබෝජනය දැනුවත් කිරීමේ වැඩසටහට එහි සේවය කරන පිරිස මෙන්ම විවිධ කාර්යයන් සඳහා එම ස්ථානයට පැමිණෙන පීරිසද සහභාගී විය.  පරිසර හිතකාමී ලෙස තිරසර ජීවන රටාවකට හුරු වීමේ වැදගත්කම හඳුනාගත් මෙම පිරිසෙන් ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර ලැබීම ECO-V අපගේ සතුටට කරුණක් විය.








ශ්‍රී ලංකා රජය විසින් තිරසර ගම්මානය ලෙස නම් කරන ලද ඕවිලිකන්ද ගම්මානයේ ඕවිලිකන්ද මහා විද්‍යාලයේ ලෝක පරිසර දිනය වෙනුවෙන් සංවිධානය කරන ලද ශිෂ්‍ය කඳවුරෙහි කාන්චනා වීරකෝන් මහත්මිය විසින් දේශනයක් මෙදිනම පවත්වන ලදී. 
පසු දින එනම් හය වන දින මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය විසින් පරිසර දිනය නිමිත්තෙන් වැඩවටහනක් සංවිධානය කරන ලදී. එහිදී වරුණි, ලක්මිණි සහ චාපා විසින් අවබෝධාත්මක පරිබෝජනය ප්‍රදර්ශනය සිදු කරන අතර කාන්චනා වීරකෝන් මහත්මිය විසින් පරිසරය සමග සම්බන්ධ වීම පිළිබඳව දේශනයක් පවත්වන ලදී.