Friday, January 5, 2018

පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය

ඔක්තෝබර් මස මුහුනු පොතේ සඳහන් වු දැන්විමක් දැක මාගේ සිත ඒ දෙසට යොමු විය. ඒහි සඳහන්ව තිබුනේ පරිසර හිතකාමි ලෙස කාබනික කෘෂි කර්මානතය පිළිබඳවයි. ඒ අනුව මම පරිසර හිතකාමි ස්වේඡ්ඡා සංගමයට බැදුණි. ඊට පසු මම  ECO-V සභාපතිනි කාන්චනා විරකෝන් මහත්මිය  සමඟ ECO Garden නැරඹිමට දවසක් වෙන් කර ගන්නා ලදි. ECO Garden දොරටුවෙන් ඇතුල් වන විට ගස් වලින් පිරුණු වන ලැහැබකට ඇතුල් වුවාය යන හැගීමක් ඇති  විය. විවිධ  වර්ණයන්ගෙන් පිපී තිබු සීනියාස් මල් වල  විවිධ වර්ණයන්ගෙන් යුත් සමනලුන් මල් පැණි බොමින්, සතුටින් පියාසර කරමින් සිටියහ. 


කාන්චනා මහත්මිය මට ECO Garden පිළිබඳ පැහැදිළි කිරිමක් සිදු කරන ලදි. 



ECO Garden කොටස් දෙකකට වෙන් කර ඇත. පළමු කොටස මෙත්තා උයන ලෙසද දෙවන කොටස කාබනික වගා කටයුතු සඳහා යොදා ගෙන තිබිණි. මෙත්තා උයනේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන අර්ථයන් නිරුපණය වේ. උයනේ ගමන් කරන මාර්ගයේ මැද රතු විදුළි බුබුලු වලින් සැරසි ඇති ලෙසින්  චෙරි ගසක් දැකගත හැකි විය. සේම මම ප්‍රථම වතාවට roslle නම් ශාකය හදුනා ගන්නා ලදි. එහි රත් පැහැ පුෂ්පයක් හට ගන්නා බවත් එය පානයක් වශයෙන් භාවිත කරන බවත් කාන්චනා මතත්මිය පවසන ලදි

Roslle
කාන්චනා මහත්මිය සමඟ සාකච්චා කරනවිට කාබනික කෘෂි කර්මාන්තය සහ ජෙව ගතික වගා ලිත පිළිබඳව ඉතාමත් හරවත් පැහැදිළි කිරිමක් සිදු කරන ලදී. ලංකාවට නවින තාක්ෂණයක් වන Hugelkulture , Keyhole garden යන ක්‍රම Eco Garden තුල භාවිතා කර තිබිනි. එය මාහට  අලුත් දැනුමක් විය.



එසේම වගා බිමට අවශ්‍ය ජලය සපයන්නේ පරිසර හිතකාමි ලෙස භාවිතා කල හැකි ළිඳකිනි. එම ළිඳ ව්දේශයකින් පැමිණි ස්වේච්ඡා නිළධාරියකු විසින් සාදා දෙන ලදි. එමගින් පහසු ලෙස ජලය ඉහළට ගැනීමට හැකිය.
අපහසුවකින් තොරව වගා බිම සඳහා ළිඳෙන් ජලය ලබා ගනිමින්
වගා  බිමට අවශ්‍ය පොහොර සපයා ගන්නේ ගැඩවිල් දියරයෙන් සහ කොම්පොස්ට් වලිනි.පළිබෝ මර්ධනය කරගැනිමට භාවිත කරන්නේ කොහොඹ දියරයයි.

එම කුඩා  බිම්කඩ තුල  විවිධ ශාක ඝනත්වයක් ඇත. මෙම බිම්කඩ තුල Permaculture යන සංකල්පය යටතේ වගා කර ඇත. Permaculture යනු කෘෂිකාර්මික හා ඊට අදාලවන සමාජීය ලක් සහිත සැලසුමකට සොබාදහමෙ පවතින රටාවන් හා ලක් සෘජුවම හෝ වක්‍රාකාරයෙන් හැකිතාක් යොදාගනිමින්, විවිධ පාරිසරික පද්ධතීන් සැලසුම් කිරීම, ඒවා නිර්මාණය කිරීම, ජල සම්පත් කලමනාකරණය ,පසේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම වැනි කරුණු ගණනාවක් උපයෝගී කරගෙන පිහිටි ප්‍රදේශයේ කාලගුණික, දේශගුණික සාධකවලට ගැලපෙන දීර්ඝ කාලීනව ස්වාභාවිකව නඩත්තුවෙන, සොබාදහමට විරුද්ධව කටයුතු නොකර සොබාදහ සමග ගලායමින් සිදුකරන චින්තනයන් විශාල ප්‍රමානයකින් සමන්විත දිනෙන් දින නව කරුණු හා ක්‍රමයන් එකතුවෙමින් වැඩි දියුණු වෙමින් පවතින දර්ශණයකි. පරිසරය සුරකිමින් වස විසෙන් තොර තමාට අවශ්‍ය එළවලු සපයා ගැනීමට සමාජය පෙළඹවී දරන යහපත් උත්සහයකි

මෙම පරිසර හිතකාමී ගෙවත්ත තුළ ඉදිරියේදී නවීන කෘෂි තාක්ෂණයක් වන සහ යන ක්‍රම භාවිත කිරීමට හා ප්‍රචලිත කිරීමට මම බලාපොරොත්තු වන අතර කිසිඳු ජීවියෙකුට හිරිහැරයක් නොවන අයුරින් වසෙන් විසෙන් තොර දැහැමි වගාවක් තුළින් ගුණදායී ඵලදාවක් ලබා තවෙකෙකුගේ නීරෝගී සම්පත්තියකට ECO-V හරහා දායක වීම මාගේ එකම අභිප්‍රායයි.

-ජයනි දන්දෙනිය- 



Tuesday, January 2, 2018

මිහිමඬලේ හිතැතියෝ - උඩවළව

ධනුෂ්ක කියන්නෙ ECO-V සමග වසර ගණනාවක සබඳතාවයක් තියන ECO-V හරහා බිහිවුණු හරිත නායකයෙක්. ඔහු ඔහුගේ ගම් පළාත වන රමණීය උඩවලව ප්‍රදේශයේ ඔහුගේ කණ්ඩායමත් සමග තරුණ හරිත කඳවුරක් සංවිධානය කිරීමට උත්සුක වූයේ මාස ගණනාවකට ඉහතදීයි. කෙසේ හෝ 2017 වසර අවසානයේ ඔහුගේ ඒ උත්සහය මල්පල ගන්වමින් හරිත නායකයින් බිහිකිරීමේ තරුණ පාරිසරික කඳවුරක් දෙසැම්බර් 24, 25 සහ 26 යන තෙදින තුළදී පැවැත්වීමට ඔහුට හැකි වුණා. මේ සඳහා මාතර, කිලිනොච්චිය, බණ්ඩාරවෙල, කොළඹ ආදී දිවයිනේ නන් දෙසින් ECO-V පැරණි සාමාජිකයින් මෙන්ම නව සාමාජිකයින් කිහිප දෙනෙක්ද සහභාගී වුණා.

ධනුෂ්ක තම දැනුම කණ්ඩායම සමග බෙදා ගනිමින්
තෙදින පුරාවටම විවිධ වූ පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වල නියැලුනු  තරුණ පිරිසට උඩවලව ජාතික වනෝද්‍යානයේ  ක්ෂේත්‍ර චාරිකාවක් මෙන්ම උඩවලව ඇත් අතුරු සෙවණේ සියලුම ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක්ද ලැබීමට හැකි වුණා. වෙල් යාය, වන ලැහැබ අතරින් ඇළ දොළ පසු කරමින්, පරිසරයේ සියුම් තැන් විඳිමින් පැය කිහිපයක පාරිසරික චාරිකාවකට සහභාගී වීමට හැකි වීම සියල්ලෝගේම වඩාත් සිත් ගත් අවස්ථාවක් වුණා. 

ඇත් අතුරු සෙවණේ කටයුතු පිළිබඳව එහි නිලධාරියෙක් විසින් පිරිසට පැහැදිළි කරමින්

දේශාන්ත විසින් ඇත් අතුරු සෙවණේ කාර්ය මණ්ඩලයට ස්තූති කරමින්

උඩවල ජාතික වනෝද්‍යානය

විදුලි සැර වැදීම නිසා ඇත් අතුරු සෙවණේදී සැත්කමකට භාජනය වූ ඔහු යතාතත්වයට පත් වෙමින් සිටී

ගෙවී ගිය දිනය පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා සැඳෑ හමුව

දෙසැම්බර් 26 දින උදෑසන සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ ජනතාව සිහි කර පහනක් දල්වමින්


ඇළ දොළ පසු කරමින් ගිය පාරිසරික චාරිකාව
පාරිසරික චාරිකාවේදී හමු වූ සමනල් පාරාදීසය

මිහිමඬලේ හිතැතියෝ ඇත් අතුරු සෙවණේ නිලධාරියෙක් සමඟ
ධනුෂ්ක තම අදහස් දක්වමින්...

2007 සැප්තැම්බර් 19 දින ECO-V සමඟ සම්බන්ධ වන්නේ පැස්තුඩු මිතුරෙකු ලෙසිනි. ECO-V යනු මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදු වුන තැනක්. ආරම්භයේ දී එතරම් වැටහීමක් නොමැති වුවත් එක් එක් පුහුණු වැඩසටහන් වලට සහභාගි වීමෙන් පසුව ECO-V යන්න කුමක් ද එමඟින් සිදු වන්නේද යන්න පිලිබදව  හොඳ වැටහීමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. 2008 පවත්වනු ලැබූ මිහිමඬලේ හිතැතියෝ වැඩසටහන ඉන් මූලික තැනක් ගන්නවා. අප ජීවත් වන පරිසරය පිලිබදව වෙනස්ම විදියකින් බලන්න ආදරය කරන්න අවස්ථාව ලැබුණා. 2011 වසරේ පැවති කැළණි නදී යාත්‍රව එම උනන්දුව උවමනාව තවත් වැඩිවීමට හේතුවක් වුනා. බොහෝ දෙනෙක් අදුර ගන්නට තවත් නොයෙක් ආකාරයේ පරිසර සංවිධාන සමඟ එක් වී කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. මෙි සියලුම දේ මගින් මට දැනුන දෙය නම් පරිසරය වෙනුවෙන් ඇත්තටම වැඩක් සිදු වන්නේ නම් ඒ ECO-V මගින් පමණක් ම බවයි.කැළණි නදී යාත්‍රාවෙන් පසුව පාපැදි 2013,යාල් යාත්‍රා රුහුණු යාත්‍රා ආදියට සහභාගි වීමෙන් අත්දැකීම් රාශියක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ECO-V මගින් ලැබුණු පන්නරයෙන් වලව ECO-V බිහි වනවා. මෙි මගින් පැල සිටුවීමේ වැඩසටහන් එමෙන්ම වැදගත් ම කරුන වන්නේ උඩවලවේ ආරම්භ කරන ලද කාබනික වගා ආදර්ශ ගොවිපලයි.එහි කාබනික වගාව මෙන්ම විවිධ වූ පාරිසරික වැසටහන් පිලිබදව අවුරුදු 16 ත් 25 ත් අතර තරුණයන් 12 දෙනෙකු පමණ පුහුණු වීම් සිදු කරනවා. මෙහි වැඩ කටයුතු කරගෙන යාමේදී අභියෝග නැතුවාම නෙවෙයි. ඒ අතරින් බහුල වන්නේ වත්මන් තරුණ පරපුර ජංගම දුරකථන සඳහා අත්බැහි වීම හා මත්ද්‍රව්‍ය සඳහා අත්බැහි වී වීමයි. මෙිවා සමඟ කටයුතු කිරීම අපහසු වුවත් ECO-V යනු මෙි අභියෝග මතින් යන සොදුරු ගමනකි. 2018 වසරත් සාර්ථකව සියලුම කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ECO-V සියලුම දෙනාටම ශක්තිය ලැබේවා.

Wednesday, December 13, 2017

මෙත්තා ගෙවත්ත 2017

පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය විසින් මඟ පෙන්වනු ලැබූ  ''මෙත්තා ගෙවත්ත 2017''  වැඩසටහන නොවැම්බර් මස 29 වන දින බන්ඩාරගම සර්වෝදය උසස් අධය්‍යාපන ආයතනයේදී පැවැත්ව්ණි.මෙහිදී MAS සමූහ ව‍ය්‍යාපාරයේ සේවා නියුක්තිකයන් පිරිසක්, සර්වෝදය උසස් අධය්‍යාපන ආයතනයේ කාර්ය මන්ඩලයේ කිහිප දෙනෙකු, කැළණිය විශ්වව්ද‍ය්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු ECO-V සාමජිකයන්ද මෙම කර්යයට  ශ්‍රම දායකත්වය සපයන ලදී. ECO-V සභාපතිනි කාන්චනා වීරකෝන් මහත්ම්යගේ මඟපෙන්වීම මත සර්වෝදය කාර්ය මන්ඩල උදේශ් ෆ්‍රනෑන්ඩු හා නවොදා බන්ඩාර වැඩසටහන කලමනකරනය කරන ලදී. වර්ෂාවෙන් මඳක් බාධා වුවත් පරිසරයට ආදරය කරන අප සැම එය ආශිර්වාදයක් කර ගත්තෙමු.

ආධය්‍යාත්මික සුවතාවය සඳහා ප්‍රථමයෙන්ම  කන්චනා මහත්මිය පරිසරය අනුසාරයෙන් මනස සුවපත් කරගන්නේ කෙසේ ද යන්න භාවනාත්මකව ප්‍රායෝගික වශයෙන් පැම්ණ් සිටි පිරිසට අනුහුරුවක් ලබාදෙන ලදී.බොල්ගොඩ ගඟ අසබඩ රමනීය පරිසරයක පිහිටි දේශන ශාලාව ඒ සදහා කදිම තෝතෑන්නක් විය.අප ශාරීරීකව මෙන්ම මානසිකව සැහැල්ලු වෙමින් දෙනෙත් පියාගෙන අවට පරිසරයේ කුරුල්ලන්ගේ හඬ, සුළං හඬ, වැහි බ්ංදු වැටෙන හඬට සවන් යොමු කලෙමු.මෙලෙස විනාඩි කීපයක් භාවනානුයෝගීව සිටි අපට දෑනුනේ මින් පෙර නොවිදි මානසික සැහැල්ලුවකි.ඒ සඳහා ඉවහල් වුයේ අප අවට පරිසරය හා එහි ජීවත් වන ශාක හා සතුන්ය.




කාන්චනා මහත්මිය MAS සමූහ ව්‍යාපාරයේ සේවා නියුක්තිකයන්ගේ කාර්යබහුල ජීවන රටාවෙන් ඔබ්බට ගොස් ඔවුන් පරිසරය විඳිය යුත්තේ කෙසේද යන්න කුඩා දේශනයක් මගින් පැහැදිළි කළාය. එමෙන්ම අපි ඔවුන්ගේ එදින දායකත්වය බෙහෙවින් අගයකොට සළකමු. 



අනතුරුව අප යෝජිත මෙත්තා ගෙවත්ත හෙවත් කබනික ගෙවත්තට අවශ්‍ය භූම්ය සකස් කර කොම්පොස්ට් පොහොර කොටුවක් සකස්  කලෙමු. පොහෙර සඳහා අවශ්‍ය ගොම,කොළ,රොඩු ගෙවත්තෙන්ම සපයා ගත්තෙමු. එයින් ගෙවත්තද පිරිසිදු විය.  



ඒ සමඟම තරුවක හෑඩය ගත් එළවළු පාත්තියක් සකස් කලෙමු. ස්වාභාවධර්මයේ හැඩතල එක් කිර්‍රමට අප මෙහිදී තරැවක හැඩය ගත්තෙමු.අවසානයේ චෙරි පෑලයක් සිටුවා එදින වැඩසටහන නිමා කලෙමු.






මෙහි දී කන්ඩායම් කීපයක් එක්ව සමුහිකව වැඩ කිරීම තුලින් අනෙකාගේ ශ්‍රමයට ගරු කිරීමට අප ඉගෙන ගත්තෙමු.

සවස තේ පැන් සංග්‍රහය

කාබනික ගෙවත්තක මූලාරම්භය සනිටුහන් කිරීම තුලින් වස  විෂ නැති ආහාර රටාවක වටිනාකම අවබෝධ කර ගත්තෙමු. මිනිසා මෙන්ම සෑම ගසක්ම පරිසරයට වැදගත් බව අවබෝධ වූයේ කාංචනා මහත්මියගේ දැනුවත් කිර්‍රම නිසාය. ගත මෙන්ම සිත ද සුවපත් වූ මෙම වැඩසටහනේ මූලික ඵලය වූයේ පරිසරය අප සුවපත් කරන්නේය යන්නයි.


සකසන ලද තාරකා හැඩැති එළවළු පාත්තිය ඉදිරිපිට සහභාගී වූ පිරිසෙන් කොටසක්


සැකසුම : වාසනා මහේෂිකා









Thursday, November 2, 2017

Eco V අපි කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව


Eco V අපි  කසල කලමනාණාකරණය පිළිබඳ දකුණේ කළ තවත් එක් සාර්ථක වැඩසටහනක නිමාව

පසුගිය මාස කිහිපය පුරාවට දකුණු පළාතට අයත් මොරවක, පිටබැද්දර අවට ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අපට අවස්ථාව උදාවිය. නිසි කසල කළමනාකරණයක් සහිත තිරසර ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩසටහනට මුලිකත්වය දුන් රන්ජන් අබේවික්‍රම මහතාගේ ආරාධනයක් මත අප මෙම වැඩසටහනට සහභගී විය. Shrawani Estate හි හිමිකරු වන අබේවික්‍රම මහතා මොරවක ප්‍රදේශයේ කසල කළමනාකරණය පිළිබඳ දැඩි උනනිදුවකින් කටයුතු කරන අයෙකි. 

මොරවක හා පිටබැද්දර යනු දකුණු පළාතේ පිහිටි ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත කුඩා නගර දෙකකි. සොබා සෞන්දර්‍යයෙන් අනූන මෙම ප්‍රදේශයට නිලාවැලි ගං කොමළිය තවත් එක් ආභරණයකි. නමුත් ජනතාවගේ අක්‍රමවත් කසල බැහැර කිරීමේ ක්‍රියාපිළිවෙත නිසා නගරය මෙන්ම නිල්වලා ගඟ අපවිත්‍ර වී තිබේ. මෙම වසරේ මැයි මස ගං වතුර උවදුරට මෙම ප්‍රදේශ ද මුහුණ දුන් අතර ගගට කසල බැහැර කිරීම එහිලා එක් හේතුවකි.

පළමු වැඩසටහන

වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන Nilwala River Breeze හෝටලයේදී 03.08.2017 පැවැත් විය. පිටබැද්දර ප්‍රදේශීය සභාවේ සහය ඇතිව රන්ජන් මහතා විසින් මෙය සංවිධානය කර තිබුණි.මොරවක වෙළඳ සංගමය, ත්‍රී රෝද රථ සංගමය, පිටබැද්දර පොලීසිය, පළාත් සභාව, පාසල් හා පෙර පාසල් නියෝජනය කරමින් මෙන්ම සෞඛ‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් ද විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභගී විය. මෙම නිලධාරීන්ගේ අදහස් ද ඇතිව ප්‍රදේශයේ ජනතාවට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදීමට අපට හැකි විය.මෙහි වැදගත්කම වන්නේ බිම් මට්ටම නියෝජනය කරන හා බිම් මට්ටම සමඟ නිතර ගැටෙන ජනකොටසක් සහභාගීවිමයි. මෙම වැඩසටහනේ අරමුණ කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීම වුවද පරිසරය හා මිනිසා අතර වූ සමීප සම්බන්ඳය බිදවැටීම මෙම සියලු පාරිසරික ගැටළුවලට හේතු වී ඇති බව ඔවුන්ට අවබෝධ කර දීමට ද අපට හැකි විය.වැඩසටහන අවසානයේ ලද ප්‍රතිචාරවලින් පැහැදිලි වුයේ අපගේ දේශනය ඔවුන්ට නව මානයකින් සිතන්නට මග විවරකරදුන් බවයි.




කසල වර්ගීකරණය පිළිබඳ දැනුම ලබා දෙමින්



සාරි බෑග්

Eco Brick

වීඩ්යෝ දර්ශන නරඹමින්

රන්ජන් මහතා ඉදිරි සැලසුම් පිළිබඳ කතා කරමින්
ජනතාව සිය අදහස් දක්වමින්
වගකීම් ඉටු කිරීමට අමතරව ඉඩලද සෑම අවස්ථාවකම පරිසරය විදීමට ද අපට අවස්ථාව උදා විය. රන්ජන් මහතා විසින් පවත්වාගෙන යනු ලබන කාබනික තේ වගාව පිළිබඳ අත්දැකීම් ඔහු අප හා මෙසේ බෙදා ගනු ලැබීය.





දෙවන වැඩසටහන

පිටබැද්දර ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහ 22.08.2017දින පැවැත් විය. කසල කළමනාකරණයට අමතරව අවබෝධයෙන් පරිභෝජනය කිරීමෙන් කසළ අවම කරගත හැකි ආකරයත් අවබෝධාත්මක පරිබෝජනයෙන් නීරෝගී ජිවිතයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳවත් මෙහිදී දැනුවත් කරන ලදී. 160 කට අධික නිලධාරීන් ප්‍රමාණයක් සහභගී වීමෙන් වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය පෙන්වයි.







තුන්වන වැඩසටහන

22 දිනම සවස තවත් වැඩසටහනක් රන්ජන් මහතා විසින් සංවිධානය කර තිබූ අතර මොරවක ප්‍රදේශීය සභාවේ ජනතාව සහ පළමු වැඩසටහනට සහභාගී නොවු නිලධාරීන් පිරිසක් මෙයට සහභාගී විය.





මීට පෙර පැවති වැඩසටහනේ දැනුම භාවිත කරමින් පිටබැද්දර ප්‍රදේශීය සභාවේ නිලධාරීන් සකස් කිරීමේ මූලික පියවර තබා තිබූ ආකාරය

අපගේ වැඩසටහනින් පසු කසල වර්ගීකරණය හා ප්‍රජාව දැනුවත් කිරීමේ ඉදිරි සැලසුම් පිළිබඳව කතිකාවතක් සහභාගී වු නිලධාරීන් අතර ඇති විමෙන් වැඩසටහනේ ප්‍රගතිය පෙන්නුම් කළේය.




සැකසුම : ලක්මිණි කෝරලේ ගෙදර